කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පැවැති මේ තරගය පැවැතියේ 13 වැනි වතාවටය.
මෙම එක් දින තරගයේ අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගලවා ගැනීමත් සමග මෙම ගැටුම ඇතිවී තිබේ.
එම අවස්ථාවේදී තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000 ක් පමණ පිරිසක් ක්‍රීඩාංගනයේ සිට ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පැවසේ.
ඔහුගේ හිසට විශේෂ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත අතර ඔහුව ඉතා ඉක්මනින් ඒ සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.