මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ අපේක්ෂකයන් 8දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව ඊයේ (04) උදෑසන 6 සිට අද (05) උදෑසන 6 දක්වා කාලය තුළ පක්ෂවල ආධාරකරුවන් ද 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වේ.
මේ අතර පසුගිය මාර්තු මස 3වනදා සිට අද දක්වා වූ කාලය පුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයන් ගණන 54ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ආධාරකරුවන් ද 204දෙනෙක් අදාළ කාලය තුළ අත්අඩංගුවට පත්ව තිබේ
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාහන 46ක් පොලිස් භාරයට ගෙන ඇත.