Connect with us

පුවත්

මැතිවරණ කොමිසමට සජබෙන් ලිපියක්

Published

on

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් රජය, පොලිස් නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක රැළි සඳහා යොදවන බවත් රාජ්‍ය මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට උත්සාහ දරන බවත් පවසමින් සමඟි ජන බලවේගය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සදහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සහභාගී වන රැස්වීම් සූදානම් කර ඇති බවය.

එමෙන්ම, මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවක මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇති කොට මැතිවරණ කටයුතු සඳහා බාධා පැමිණවීමට රජය උත්සාහ කරන බවද අදාළ ලිපියේ සඳහන්ය.

ඒ අනුව, මෙම අකටයුතුකම් සඳහා අවධානය යොමු කරන ලෙස සමඟි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින ලදී.

අදාළ ලිපිය පහතින්,

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved