පුවත්

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Published

on

ඡන්ද මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (11) රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඊයේ දිනයේ නාමයෝජනා ලබා ගැනීමට දින නියම වූ ප්‍රාද්ශීය සභා තුනට අදාළ ඡන්ද විමසීම පිළිබඳව ද අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවය.

එම ඡන්ද විමසීම ද සෙසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් දිනයේම පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන්ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ගැණෙනු ඇත.

මන්නාරම, පුනකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා ඡන්දයට නාම යෝජනා කැඳවීම, ලබන 24 වැනි දා සිට 27 වැනි දා දහවල් 12 දක්වා සිදු කිරීමට ඊයේ දින නියම කෙරුණි.

එම තීරණය ගෙන තිබුණේ, එම ප්‍රාදේශීය සභාවලට අදාළව පසුගිය නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් පැවති අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වීමත් සමගය.

කල්මුණේ මහනගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීම සිදු කෙරෙන්නේ ලබන 17 වෙනි දා සිට 20 වෙනි දා මධ්‍යහන 12 දක්වාය.

Trending

Exit mobile version