පුවත්

මැතිවරණ නීති උල්ලංඝනයක්

Published

on

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් විසින් මෙම භාණ්ඩ බෙදාදීම අත්හිටුවිමේ පුවතක් ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබු බවයි පැවසේ.

එම ස්වේච්ඡා සංවිධානවල නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇති මෙම භාණ්ඩ ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසය.

මෙලෙස මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇති භාණ්ඩ රැසක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්වේච්ඡා සංවිධාන රැසකට බෙදාදීමට කටයුතු යොදා ඇති බවට ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස්වරයා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී තිබෙන බව සදහන්ය.

Trending

Exit mobile version