පුවත්

මැතිවරණ පැමිණිලි ඉහළට

Published

on

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (25) දිනයේ දී පමණක් මැතිවරණ පැමිණිලි 53ක් වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊයේ දිනයේ දී ලැබුණු පැමිණිලි අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ඇතුළත් බවය.

ඒ, අනුව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ගණන හයක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ (25) දිනය දක්වා සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 716ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දුන්නේ, එලෙස ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 580ක් විසඳීමට කටයුතු කර ඇති බවය.

Trending

Exit mobile version