පුවත්

මැතිවරණ රාජකාරියට නොගියොත් වැඩ වරදියි

Published

on

මැතිවරණ රාජකාරිවලට පත්වීම් ලබා දී ඇති සියළුම නිලධාරින් අදාළ රාජකාරී සඳහා නියමිත දිනයට නියමිත ස්ථානවලට යායුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක්වෙමිනි.

ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා ලබා දී ඇති පත්වීම් වෙනස් කිරීම් හෝ අවලංගු කිරීම් කිසි අයුරකින් සිදු නොකළ යුතු බව ඔහු පවසයි.

එමෙන්ම මැතිවරණ රාජකාරිය නොවිය දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version