පුවත්

මැතිවරණ රාජකාරිවලට නොපැමිණෙන රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනවා

Published

on

නම්කර ඇති මැතිවරණ රාජකාරීන්වලට රෙපෝර්තු නොකරන රාජ්‍ය සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි .

ඒ මහතා මේ බව සඳහන් කළේ අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

රාජ්‍ය නිළධාරීන් හැත්තෑ එක් දහසකට අධික පිරිසකට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අතුරින් මැතිවරණ රාජකාරි සඳහා පිරිසක් නම්කර තිබෙනවා .

කිසියම් රාජ්‍ය නිළධාරියෙක් රාජකාරී වලට වාර්තා නොකිරීමෙන් එම රාජකාරී අතපසු වෙනවා මෙන්ම තවත් නිළධාරියෙකුට අවස්ථාව අහිමි වෙනවා.

ඒ නිසා ඔබ කිසියම් මැතිවරණ රාජකාරීයකට නම්කර ඇත්නම් අනිවාර්යයෙන්ම රාජකාරියට වාර්තා කරන්න.

Trending

Exit mobile version