පුවත්

මැයි 6 වැනිදා කොටස් වෙළෙඳපොළ කලින්ම වැසෙයි

Published

on

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙයි.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට කලින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇත.

Trending

Exit mobile version