Connect with us

පුවත්

මැයි 7 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

Published

on

පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පවසන ලදී.

පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

මේ අනුව,

මැයි මස 7 වැනි අඟහරුවාදා
පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා  බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිතය.

එසේම සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) නැමැති පෞද්ගලික මන්ත්‍රී ‍පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිත වන අතර,

2024 මැයි මස 08 වැනි බදාදා
පෙ.ව. 09.30 ප‍ෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) සදහා කාලය වෙන් කර ඇත.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ අංක 2348/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග සහ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2340/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට ඇති  නියෝග විවාදයට ගැනීමට නියමිතය.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සදහා කාලය වෙන් කර ඇත.

2024 මැයි මස 09 වැනි බ්‍රහස්පතින්දා
පෙ.ව. 9.30 සිට ප‍ෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට පැවැත්වීමට නියමිතවය.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීම සිදුවනු අත.

2024 මැයි මස 10 වැනි සිකුරාදා
සම්පූර්ණ දිනය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.

එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන  යූ. එල්. එම්. ෆාරුක්, ගරු අසෝක ජයවර්ධන සහ ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන්ට ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන්කර ඇත.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved