Connect with us

පුවත්

මිතුරියගේ පැමිණිල්ල විභාග නොකළැයි ASP පිළියන්දල ‌‌පොලිසියේ ඩෙඟා නටලා

Published

on

හිතවතියක් කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි උරණ වූ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇසළ පොහෝ දින පිළියන්දල පොලිසියට පැමිණ එහි නිලධාරින්ට බැණ වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්.ා වේ.

එම අවස්ථාවේදී එම කාන්තාවද සහකාර පොලිස් අධිකාරිවරයා සමග සිට ඇතැයි දැනගන්නට ඇත.

බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු මෙලෙස පොලිස් නිලධාරියකුට සුදුසු නොවන අන්දමින් හැසිරී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රෙදිපිළි අලෙවි කිරීමක ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පැලැන්වත්ත පොල්හේන ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඉකුත් 3 වැනි දින සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයා එලෙස කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

“තමුසෙලා ඕයි ඇහැට කනට පේන පාට කෑල්ලක් ආවොත් විතරද වැඩ කරන්නේ”

“උඹලා සල්ලි අරගෙන තමයි වැඩ කරන්නේ උඹලගෙ හැටි මම දන්නවා” යැයි පවසමින් සුළු පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂකවරයාට මෙන්ම අනෙකුත් නිලධාරින්ට බැණවදිමින් පොලිස් භූමිය තුළ ඒ මේ අත ඇවිදිමින් පැයකට අධික කාලයක් සහකාර පොලිස් අධිකාරිවරයා ආවේගශීලී ලෙස හැසිරී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

එම අවස්ථාවේදී සුළු පැමිණිලි අංශය සහ අනෙකුත් අංශ වෙත විවිධ අවශ්‍යතා සඳහා මහජනයා විශාල පිරිසක් පැමිණ සිට ඇති අතර පොලිස් නිලධාරියාගේ එම හැසිරීම හේතුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවට පත්වී ඇත.

සිවිල් ඇඳුමින් සැරසුණු සහකාර පොලිස් අධිකාරීවරයා පොලිසිය වෙත පැමිණ ඇත්තේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයෙන් බවත් එය ඔහු ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ විහාරස්ථානයකට යන බව පවසා යැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරිවරයාගේ හිතවතියගේ පැමිණිල්ල පොලිසියට ලැබී පැය විසිහතරක් ගතවීමටත් පෙර විභාග නොකළ බව ඔහු විසින් බස්නාහිර පළාතේ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙන්ම ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද දුරකථනයෙන් ඒ මොහොතේම දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

උසස් පොලිස් නිලධාරියාගේ මේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම අනෙකුත් නිලධාරීන් උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශේෂ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිළියන්දල පොලිසිය වෙත ඊයේ (4වැනිදා) පැමිණ පරීක්ෂණ ආරම්භ කර මේ වන විට පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීහු අටදෙනකුගෙන් පමණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved