ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද (27) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එම දැනුම් දීම සිදුකළේය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, ආහාරවල අන්තර්ගත “මයික්‍රොටොක්සින්” නැමැති සංඝටකය නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.
ඒ හරහා පොල්තෙල් ඇතුළු සියලු ආහාරවල අන්තර්ගත “ඇප්ලටොක්සින්” ඇතුළු විෂ කාරක නියාමනය කිරීමක් සිදුවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
අදාළ පෙත්සම නොවැම්බර් මස 15 වනදා කැඳවීමට නියම කෙරුණි.