Connect with us

පුවත්

මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනයට නව රෙගුලාසි?

Published

on

ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද (27) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එම දැනුම් දීම සිදුකළේය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, ආහාරවල අන්තර්ගත “මයික්‍රොටොක්සින්” නැමැති සංඝටකය නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

ඒ හරහා පොල්තෙල් ඇතුළු සියලු ආහාරවල අන්තර්ගත “ඇප්ලටොක්සින්” ඇතුළු විෂ කාරක නියාමනය කිරීමක් සිදුවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

අදාළ පෙත්සම නොවැම්බර් මස 15 වනදා කැඳවීමට නියම කෙරුණි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved