පුවත්

මිනී වළෙන් අල්ලස් ගත් පිරිසක් සොයා පරීක්ෂණ

Published

on

බොරැල්ල කනත්තේ මෘත ශරීර භූමදාන කිරීමේ කටයුතුවලදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එම විමර්ශනයට අදාළව බොරැල්ල කනත්තේ මෘත ශරීර භූමදාන කිරීමට අදාළ විස්තර සපයන ලෙසට කොළඹ මහ නගර සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි අල්ලස් කොමිසමේ විවෘත විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මාධ්‍යට පවසා ඇත.

කොළඹ මහ නගර සභාවට අයත් බොරැල්ල කනත්තේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛ, නියෝග හා උපදෙස් පිළිබඳ විස්තරද (කනත්තේ සේවකයන් වෙත සහ සේවය ලබා ගන්නා පාර්ශ්ව වෙත ලබා දෙන) විමර්ශනයට අදාළව කැඳවා ඇතැයිද එම නිලධාරියා සඳහන් සදහන් කර ඇත.

මෘත ශරීරයක් භූමදාන කිරීම, ආදාහනය කිරීම ආදී කටයුතු සඳහා නගර සභාව විසින් අය කර ගත හැකි ගාස්තු, මෘත ශරීරයක් භූමදාන කිරීම සඳහා එම කනත්තේ ස්ථිර භුමි ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් එලෙස ලබා දෙන භූමි ප්‍රමාණය ඒ සඳහා අය කරන ගාස්තුව, එම භූමි ප්‍රමාණයේ සොහොනක් ඉදිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් පිළිබඳව ද සවිස්තර වාර්තාවක් අල්ලස් කොමිසම විසින් කොළඹ මහ නගර සභාවෙන් කැඳවා තිබේ.

Trending

Exit mobile version