මිනුවන්ගොඩ පත්තඩුවන ත්‍රීරෝද රථ ගාලක් අසලදී අද (26) වෙඩි තබා ඇත්තේ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනය ඉතාලියේ සිට සැලසුම් කළ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකුට බව වාර්තා වේ.
මේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ, පත්තඩුවන පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දීර් කාංචන නමැති 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි
තුවාල ලද පුද්ගලයා අනෙකුත් ත්‍රීරෝද රථ රියදුරන් සමග කතාබස් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් පසු පැදිකරු කුඩා ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
(පෙර පුවත: 2025 පෙබරවාරි 26, පෙ.ව.11:40)
මිනුවන්ගොඩ වෙඩිතැබීමක්
මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.