පුවත්

මියන්මාරයෙන් බේරාගත් ලාංකිකයන් ගේන්න තායිලන්තයේ සහාය

Published

on

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ  අලි සබ්රි මහතා අතර සිදුවී තිබේ.

දුරකථන මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සිටින අතර ඉන් 8 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බව මියන්මාර රජය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන් ය.

ඒ අනුව ඊට අදාළ පහසුකම් සැපයීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම, අන්‍යොන්‍ය වීසා රහිත විධිවිධාන රටවල්, පුනර්ජනනීය බලශක්ති සහ ධීවර යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයේදී විදේශ අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version