Connect with us

පුවත්

මිලදී ගත් ඖෂධවල කැරපොත්තන් හා වීදුරු කෑලි

Published

on

මෑත කාලයේදී  මිලදී ගත් ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික  විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දෘශ්‍ය අංශු පැවැතීම, පෙති  කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ සහ විවිධ ප්‍රතිපල රැසක් ද එම ඖෂධවලට අදාළව   හඳුනාගෙන තිබූ බව වාර්තාවේ දැක්වේ.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ මේ හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත් කර තිබූ බව ය.

මෙසේ කැරපොත්තන් සහ වීදුරු කැබලි හමුවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන  හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලය.

රජයේ රෝහල් සඳහා පසුගිය 2022 වර්ෂයේදී නිකුත් කළ වෛද්‍ය සැපයීම්වලින් රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ බවත්  තවත් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීම හේතුවෙන්  භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ බවත් එහි සඳහන් වේ.

මෙම තත්වය ගැන  විගණන නිලධාරින්  වසර ගණනාවක් තිස්සේ අනාවරණය කළ ද අවම කර ගැනීමට කටයුතු කර නොතිබුණු බව පවසන එම වාර්තාව පසුගිය වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 24 248කට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීමෙන් භාවිතය අත්හිටුවා තිබූ බව ද  සඳහන් කරයි.

මේ අතර සැපයුම්කරුගේ සුදුසුකම් හා ඖෂධයේ තත්වය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ සැපයීමට පහසුකම්  දීමෙන් ඖෂධ සම්බන්ධයෙන් අවදානමක් මතුවන බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ අතර ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව ඇති රුපියල් කෝටි එකසිය හතළිහකට වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නොතිබූ බව ද  විගණන  වාර්තාවේ දැක්වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved