Connect with us

පුවත්

මිල්කෝ, හයිලන්ඩ් හා ෆාම් 31ක් ඉන්දියාවට දෙන්න යනවා – අනුර

Published

on

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් 31ක් මෙන්ම මිල්කෝ ආයතනය හා හයිලන්ඩ් සමාගමද ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (ඔක්. 01) පැවැත්වූ ජා.ජ.බ. මාවනැල්ල ආසන සමුළුවේදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය :

“එන්.ඩී.බී. ආයතනයට අයිති, මැල්සිරිපුර ෆාම් එක, ආඬිගම ෆාම් එක, රිදියගම ගොවිපොළ, නාරම්මල ගොවිපොළ, පොළොන්නරුවෙ ගොවිපොළ, ආදී විශාල ගොවිපොළවල් 31ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට තිබෙනවා. එම ගොවිපොළවල් 31ම ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට සූදානම් වී ඉන්නවා. ඒ සහා කමිටු දෙකක් දමා තිබෙනවා. එක කමිටුවක් එම ගොවිපොළවල් අයත් භූමියේ සහ ගස්වල, එහි වගාවේ වටිනාකම තීරණය කිරීමටත්, දෙවන කමිටුව එම ගොවිපොළවල්වල සිටින සතුන්ගේ සහ ඒවායේ තිබෙන උපකරණවල  වටිනාකම තීරණය කිරීමටත් යොදාගෙන තිබෙනවා. ඒ කමිටුවේ සිටින්නේ පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. ඔබ යෝගට් එකක්, කිරිපිටි ගත හොත් ‘හයිලන්ඩ්’ එක කෙරෙහි විශ්වාසය තබාගෙන සිටිනවා. ‘හයිලන්ඩ්’ එක ඉන්දියවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස්කර අවසන්. දැන් හුවමාරු කිරීම සහා සාකච්ඡා යමින් තිබෙනවා. මිල්කෝ ආයතනය අමූල් සමාගමට විකිණීමට කැබිනට් මණ්ඩලය අනුමත කර අවසන්.”

“අපේ රටේ ගොවිපොළවල් 31 අපි දන්නවා. අපිට ඒවායේ තත්වය ගැන සතුටු විය නොහැකියි. ඒවායේ සම්පත්වලින් වැඩි ඵලදායකත්වයක් ලබාගැනීමට එවා හොඳින්මෙහෙයවන්න හැකියාව තිබිය යුතු වෙනවා. මේ පාලකයෝ ඒවා කරන්නේ නැහැ. ඒවායේ වත්මන් තත්වය ගැන සතුටු විය නොහැකියි. හොඳම තාක්ෂණය ගෙනැවිත් ඒවා දියුණු කළ යුතුව තිබුණා. එහෙම නොකළේ මේ පාලකයෝ. ඒවා කඩා වට්ටලා, පාඩු කරලා, එයාලට විකිණීම තමයි අද උත්තරයකට තිබෙන්නේ. මෙය පරාජයට පත් කිරීමේ අත් නොහැරිය හැකි වගකිමක් තිබෙනවා. මේ විකිණීමත්, මේ පාලනයත් පරාජය කළ යුතුයි.”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved