පුවත්

මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් 29 වැනිදා නිකුත් කෙරෙයි

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ව ඇතැයි පැවසේ.

ඊට අමතරව දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද ඇතැයි වාර්තා වේ.

මෙම භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් ලංසු භාර ගැනීම ඔක්තෝබර් 29 අඟහරුවාදා පෙරවරු 11.00ට අවසන් කිරීමට නියමිතය.

භාණ්ඩාගාර බිලපත් වෙනුවෙන් අවම ලංසු මුදල රුපියල් මිලියන 5ක් වන අතර පිළිගත් ලංසුකරුවන් නොවැම්බර් 01 වැනිදා අදාළ ගෙවීම් කළ යුතුය.

Trending

Exit mobile version