පුවත්

මිලියන 31.08ක්  වැයකොට  ස්ථාපිත කල ඇගිලි සලකුණු යන්ත්‍ර නිෂ්ක්‍රියයි

Published

on

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත්  රෝහල් සහ  ආයතන සදහා  රුපියල් මිලියන 31.08ක  මුදලක් වැයකොට  ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක්  භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම  විගණන වාර්තාවක සදහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම  සනාථ කළ හැකි පරිදි  ඇගිලි සලකුණු යන්ත්‍ර  2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම්  වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා නොගෙවිමට  වගබලාගතයුතු බවට දන්වා තිබුණි.

ඉකුත් වර්ෂයේ දි (2023) සෞඛ්‍ය කාර්යමණ්ඩල  සදහා  අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන්  රුපියල් මිලියන 38,236යි ශත අසුතුනක මුදලක් (38,236.83 ) ගෙවා තිබුණි.

විගණන වාර්තාවේ සදහන් වන්නේ, අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් 72%ක් බවය.

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ  රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව  ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින්  අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා  පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත්  වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරිමට නොහැකිවි ඇති බවය.

Trending

Exit mobile version