පුවත්

මිහින්තලේ හිමි රාජ්‍ය පොසොන් උත්සවයේ සංවිධාන කටයුතුවලින් ඉවත්වෙයි

Published

on

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවය.

මාධ්‍ය හමුවක් පවත්වමින් පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේය.

(වීඩියෝ : අද දෙරණ)

Trending

Exit mobile version