Connect with us

පුවත්

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට 2ක් අත්අඩංගුවේ

Published

on

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ති‍බේ.

පසුගිය 12 වැනි දා මීගොඩ අර්ථික මධ්‍යස්ථානය තුළ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගිනි අවියකින් කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කර මුදල් කොල්ල කෑමක් සම්බන්ධ ව මීගොඩ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

එහි දී මෙම වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය කඩවත පොලිස් වසමේ කිරිල්ලවල ප්‍රදේශයේ සඟවා ඇති බවට මීගොඩ පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.

එහි දී සිදු කළ වැටලීමේ දී එම යතුරුපැදිය, හිස් වැසුමක්, පිහියක් සහ කමිසයක් අවන්හල් කාමරයක් තුළ සඟවා තිබිය දී ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යතුරුපැදිය සඟවා තබාගෙන සිටි අවන්හල් හිමිකරු සහ සැකකරුවන්ට රැඳී සිටීමට නිවස ලබා දී තිබූ සැකකරුවෙකු ද පොලීසිය විසින් එහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 44 වයස්වල පසු වන ඉඹුල්ගම හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සබැඳි පුුවත්:

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක් – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි

Published

on

By

නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ඇත. 

තුවාල ලැබු අය අතර බස් රථයේ ගමන් ගත් රියදුරු සිටින බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුදා සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රථිකාර ලබයි.

අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඡායාරූප – Accident 1st

Continue Reading

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved