එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂතම කණ්ඩායම එක් කර ගනිමින් පසුගිය දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (25) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති හමුවට එක්වෙමිනි.
එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින්ම දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
‘සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කලේය.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“2015 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු ද නොවු ආනන්ද විජේපාල මහතාව ඒ සඳහා පත් කර ගනිමින් ලිපිගොනු 400ක් ගෙන ක්‍රියා කළා.. අග්‍රාමාත්‍යවරයා ලෙස මම කළේ එම කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීම පමණක් බවයි.. මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි.. බළලාට දත් නැත්නම් තමාට බැන වැඳ ඵලක් නැහැ.. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා මට කිව්වේ බලයේ හිඩසක් තියන්න එපා කියලයි.. ඒකයි මම එදා ගිහින් අගමැතිකම භාරගත්තේ.. එදා රටේ පැවති තත්ත්ව දිගටම තිබුණානම් ඇතිවිය හැකිව තිබු තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ.. බංග්ලාදේශයේ ඒ හිඩැස තිබුණා.. ෂෙයික් හසිනා මැතිනිය පිටවී යද්දී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියා ඔවුන්ට අදහසක් තිබුණේ නැහැ.. ඒ හිඩැස නිසා ඔවුන්ට විශාල පාඩුවක් සිදුවේවි.. එදා මේ රටේ අගමැතිකම භාර ගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.. නමුත් මම පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රිවරයෙක්.. මට කිව්වා අගමැතිකම භාරගන්න කියලා..”