Connect with us

පුවත්

“මීයෝ අල්ලන්න  නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි”

Published

on

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂතම කණ්ඩායම එක් කර ගනිමින් පසුගිය දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (25) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති හමුවට එක්වෙමිනි.

එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින්ම දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

‘සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කලේය.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“2015 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු ද නොවු ආනන්ද විජේපාල මහතාව ඒ සඳහා පත් කර ගනිමින් ලිපිගොනු 400ක් ගෙන ක්‍රියා කළා.. අග්‍රාමාත්‍යවරයා ලෙස මම කළේ එම කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීම පමණක් බවයි.. මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි.. බළලාට දත් නැත්නම් තමාට බැන වැඳ ඵලක් නැහැ.. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා මට කිව්වේ බලයේ හිඩසක් තියන්න එපා කියලයි.. ඒකයි මම එදා ගිහින් අගමැතිකම භාරගත්තේ.. එදා රටේ පැවති තත්ත්ව දිගටම තිබුණානම් ඇතිවිය හැකිව තිබු තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ.. බංග්ලාදේශයේ ඒ හිඩැස තිබුණා.. ෂෙයික් හසිනා මැතිනිය පිටවී යද්දී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියා ඔවුන්ට අදහසක් තිබුණේ නැහැ.. ඒ හිඩැස නිසා ඔවුන්ට විශාල පාඩුවක් සිදුවේවි.. එදා මේ රටේ අගමැතිකම භාර ගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.. නමුත් මම පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රිවරයෙක්.. මට කිව්වා අගමැතිකම භාරගන්න කියලා..”

පුවත්

වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

Published

on

By

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා   මියගිය  26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ  දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.

අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ල්ගත කිරී­මෙන් පසුව මිය­ගිය බව කියන මීග­හ­කි­වුල, පහ­ල­ගෙ­දර තුරු­ලිය සෙවන පදිංචි මුතු­වා­ඩි­යගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරු­ණ­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්නැයි ඉල්ල­මින් මීග­හ­කි­වුල හා අවට ප්‍රදේ­ශ­වා­සීහු පසුගිය  (07) වැනිදා මීග­හ­කි­වුල නග­ර­යේදී නිහඬ උද්ඝෝ­ෂ­ණ­යක් ද සිදු කළහ.

Continue Reading

පුවත්

ශානි අබේසේකරට නව වගකීමක්

Published

on

By

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතීත්වයෙන් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයින් ගණන පහ දක්වා වැඩිවිය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved