පුවත්

මුලතිව් ගුවන් හමුදා කඳවුර ගැන විශේෂ තීරණයක්

Published

on

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අනුමැතිය මත ඊයේ  (30) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව අද (31) දින සිට මුලතිව් ගුවන් හමුදා පහිනාංකය රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය දිනක නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ මියන්මාර සරණාගතයින් 103 දෙනා මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයෙන් මුලතිව් පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත තාවකාලික රැඳවීම සඳහා යොමුකර තිබුණි.

අධිකරණ නියෝග මත ඔවුන් මිරිහාන පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණද  මිරිහාන රැඳවුම් මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට පියවර ගන්නා ලදී.

Trending

Exit mobile version