පුවත්

මූල්‍ය අර්බුද මැද දුවන ලාෆ්, ලිට්රෝ මිලදී ගන්න ඉල්ලලා

Published

on

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්, (එල්ජීඑල්) සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ලිමිටඩ් (එල්ජීටී) ආයතන මිලට ගැනීම සඳහා ආයෝජකයින් 14 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය ඊයේ (15) අනාවරණය කළේය. 

මේවන විට මූල්‍ය අර්බුද මැද පවත්වාගෙන යනු ලබන ලාෆ් ලංකා සමාගම ද එම ආයෝජකයන් අතර සිටීම විශේෂ සිද්ධියකි.

එසේම ඉන්ෆිනිටි එන්.ජී.සී. (Infinity NGC), චයාන‍ා නැෂනල් එරෝ ටෙක්නෝ  (China National Aero Techno)  හා කන්සල්ටිං ඉන්ජිනේරියන් ඇන්ඩ් කන්ස්ට්‍රක්ටර්ස් (Consulting Engineers and Contractors) නම් තවත් මෙරට ලියාපදිංචි සමාගම් තුනක්ද ලිට්රෝ මිලට ගැනීමට ඉදිරිපත්වූ ආයෝජකයන් අතර වෙති.

ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාෂ කැඳවීම ඊයේ පස්වරු 2.00 න් අවසන් විය.

  1. Epdesa Pte Ltd. (Singapore) 
  2. Bharat Petroleum Cop. Ltd. (India) 
  3. Ayaz Anonim Sirketi (Republic of Türkiye)
  4. SiamGas and Petrochemicals Public Company Ltd. (Thailand) 
  5. BGN Int DMCC (UAE) 
  6. Confidence Petroleum India Ltd (India) 
  7. OQ Trading Ltd. (UAE) 
  8. Tristar Group (UAE) 
  9. Laugfs Gas PLC (Sri Lanka) 
  10. United Petroleum Holdings (Malaysia) 
  11. Vitol Asia Pte Ltd. (Singapore) 
  12. Infinity NGC (Sri Lanka) 
  13. China National Aero Techno (Sri Lanka)  
  14. Consulting Engineers and Contractors (Sri Lanka)

Trending

Exit mobile version