Connect with us

පුවත්

මෙන්ඩිස් වැලිසර නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු සීමා කෙරේ

Published

on

මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු සීමා කර තිබේ.

හිඟ බදු ගෙවීම තවදුරටත් පැහැර හැරීම හේතුවෙන් සුරාබදු කොමසාරිස්වරයා විසින් එම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව දෙපාර්තමේන්තුව පැනවූ සීමාවලට යටත්ව නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ දැයි අධීක්ෂණය සඳහා නිලධාරීන් කණ්ඩායමක් ද යෙදවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.

ලබන 30 වැනිදා දක්වා හිඟ බදු ගෙවීමට මෙන්ඩිස් සමාගමට තවදුරටත් අවස්ථාව පවතින අතර එම දිනයට බදු මුදල් නොගෙවුවහොත් එදිනෙන් පසු මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන අත්හිටුවන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මෙන්ඩිස් සමාගම රජයට ගෙවීමට ඇති හිඟ බදු මුදල රුපියල් බිලියන 5ක් ඉක්මවයි.

ඇප ඉල්ලූ අධ්‍යක්ෂකගේ රීට් පෙත්සම ඉවතට

මේ අතර, රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනේද්‍ර ජෝන් නමැත්තා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පෙත්සම විභග කිරීමට අද (12) තීරණය කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ඉවත්කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා රන්දෙව් දිනේද්‍ර ජෝන් නමැත්තා ගොනු කළ රිට් පෙත්සමේ අතුරු ඉල්ලලීම සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එසේ දැනුම් දුන් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු වලට මේ අවස්ථාවේදී මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව පැවසීය.

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved