Connect with us

පුවත්

මෙරට කතුන් සවිබල ගැන්වීමට USAID වැඩසටහනක්

Published

on

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) සහ කාන්තා සංවර්ධන මහා සංගමය (WDF) අද දින හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොනරාගල ඇතුළු ශ්‍රී ලංකාවේ දකුණු දිග දිස්ත්‍රික්කවල ප්‍රත්‍යස්ථ කාන්තා ව්‍යවසායිකාවන් 40 දෙනෙකුට වීරවිල දී සහතික පිරිනමමින් “කාන්තා ව්‍යවසායිකාවන්ට අළෙවි සහ වෙළඳපල ප්‍රවේශය සඳහා ධාරිතා වර්ධන වැඩසටහන” නම් වැඩසටහනේ සාර්ථක කූටප්‍රාප්තිය සනිටුහන් කරන ලදී. 

වසරක ගමනක් සම්පූර්ණ කළ මෙම ව්‍යවසායිකාවෝ එම කාලය තුළ USAID සහ WDF වෙතින් පුහුණුව සහ උපදේශන ලබා ගනිමින් ඔවුන්ගේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා වලින් සන්නද්ධ වූහ. එපමණක් නොව, ඔවුන් තම වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ අවස්ථා සඳහා ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ඉතා අගනා අවබෝධයක් ලබා ගත්හ. 

එක්සත් ජනපදයේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන කාන්තාවන් විසින් මෙහෙයවන සහ කාන්තාවන් සතු ව්‍යවසායන් සවිබල ගැන්වීමේ සහ කලාපයේ සමාජ-ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් වේ.

මෙම වැඩසටහන තුළින් ඉස්මතුවන සාර්ථකත්වයේ කතා අතර හම්බන්තොට, හුංගම ප්‍රදේශයේ පිහිටි කවිශ්ක ප්‍රොඩක්ට්ස් හි හිමිකාරිය වන එච්.ජී. නීලිකා ප්‍රශාන්තිගේ කතාව ද වේ. 

තම අත්දැකීම් ආවර්ජනය කරමින්, ප්‍රශාන්ති තම සෙල්ලම් බඩු සෑදීමේ ව්‍යාපාරය තවත් ඉහළට ගෙනයාම සඳහා මෙම මුලපිරීම තුළින් ලබාගත් නව නිපුණතා ප්‍රයෝජනයට ගැනීමට තමන් තුළ ඇති කැපවීම පිළිබඳව සඳහන් කළාය. නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්‍ෂණය යෙදවීමට ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති ප්‍රශාන්ති මහත්මිය, සිය ව්‍යාපාරයේ මූල්‍ය තිරසාරභාවය සහතික කිරීම සඳහා පොත් තැබීමේ නිසි පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර දැනටමත් ගෙන ඇත.

කාන්තා සංවර්ධන මහා සංගමයෙන් සිදුකළ ඇගැයුමකින් පසුව, ව්‍යවසායිකාවන් වීමට අපේක්ෂා කරන මෙම කතුන්ට ඇති සුවිශේෂී අවශ්‍යතා, අභියෝග සහ තවමත් ඵලප්‍රයෝජනයට නොගත් අවස්ථා ආවරණය වන අන්දමින් මෙම වැඩසටහනේ විෂයයමාලාව ඉතා සැලකිල්ලෙන් සම්පාදනය කර තිබේ. මෙම වැඩසටහනේ පරිවර්තනීය බලපෑම පිළිබඳව ප්‍රශාන්ති මහත්මිය මෙසේ සඳහන් කළාය : “USAID ආධාරයෙන් ක්‍රියාත්මක කළ මෙම මුලපිරීම අපට අළෙවිකරණ කළමනාකරණය, ව්‍යවසායකත්වය, සහ මුල්‍ය භාරකාරීත්වය පිළිබඳව අගය කියා නිම කළ නොහැකි අවබෝධයක් ලබාදුන්නා. එමෙන්ම කලින් අපට ළඟා කරගත නොහැකි වූ අන්දමේ දැනුමක් අපට ලබාදුන්නා.”

USAID හි වෙළඳාම, ජාතික වියදම් සහ ආදායම් හි ප්‍රතිඵල වේගවත් කිරීම සඳහා වන (PARTNER) මුලපිරීම සහ WDF ආයතනය අතර සහයෝගීතාවය සඳහා එක්සත් ජනපදයේ සහාය තුළින් අවධාරනය කරන්නේ ශ්‍රී ලංකාවේ වර්ධනය වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයේ සර්වග්‍රාහී ආර්ථික වර්ධනය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පොදු කැපවීමයි. USAID හි ආර්ථික වර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් වෙස්නර් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රය තුළ කාන්තාවන් නිරූපණය කරන වැදගත් භූමිකාව අවධාරණය කරමින් කාන්තා ව්‍යවසායිකාවන්ට සහය දීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම පිළිබඳව නැවත සඳහන් කළේය. “සාර්ථක ව්‍යවසායකයින්, පවතින සියලු සම්පත් සහ සහයෝගයෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. මෙම වැඩසටහන හරහා ඔබ ලබා ගත් සම්බන්ධතා, සම මට්ටමේ සගයින්ගේ සහාය ඇතුළු දෑ, දුෂ්කර කාලවලදී ඔබට සහාය වේවි,” යනුවෙන් වෙස්නර් මහතා සඳහන් කළේය.

WDF හි කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍රියානි මංගලිකා මහත්මිය, මෙම ව්‍යවසායිකාවන්  විසින් දක්වන ලද නොපසුබට උත්සාහය සහ කැපවීම අගය කරමින්, ඔවුන්ගේ ව්‍යවසායකත්ව ගමනේදී ඔවුන් ජයගත් අභියෝග අගය කළාය. “කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම පහසු දෙයක් නොවේ, විශේෂයෙන්ම වගකීම් රාශියක් එක හා සමගාමීව සපුරාලන කාන්තාවන් වශයෙන් ඔවුන්ට ඒ සඳහා නොපසුබට කැපවීමක් සහ ඔරොත්තුදීමේ හැකියාවක් අවශ්‍ය වනවා,” යනුවෙන් මංගලිකා මහත්මිය සඳහන් කළාය. “තමන්ගේ ප්‍රජාවන්හි සාධනීය වෙනසක් සඳහා හේතුකාරක වීමට වෙර දරන අතරේ ම තමන්ගේ අපේක්ෂා මුදුන්පත් කරගන්නට ඔවුන්ට ඇති හැකියාව ගැන අපට දැඩි විශ්වාසයක් පවතින අතර අපි ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්ය අපි අගය කරනවා,” යැයි ඇය තවදුරටත් පැවසීය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved