Connect with us

පුවත්

මෙරට මහල් නිවාස ගන්න විදේශිකයන්ට දිගුකාලීන වීසා!

Published

on

සුඛෝපභෝගී මහල් නිවාස (Condominium) ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන තිබේ.

සහාධිපත්‍ය නිවස්න ඒකක (සුඛොපභොගි මහල් නිවාස) ඉදි කරන්නන් හා එම නිවාස මිලදී ගන්නන් විසින් දීර්ඝ කාලයක් සිට රජයෙන් හා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව දීර්ඝ කාලීන විසා බල පත්‍ර ලබා දීමේ මෙම වැඩ පිළිවල ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබි ඇත.

දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීම තුලින්, අධි සුඛොපභොගි මහල් නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ගලා ඒම අපේක්ෂිතයි.

නව වැඩපිළිවෙල යටතේ වසර 5කට සහ 10කට යන කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර නිකුත් කරයි.

වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ආයෝජනකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටය.

වසර 5ක විසා බලපත්‍ර හිමිවනුයේ නාගරික ප්‍රදේශයක ඇ.ඩො 1,50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා අයටය.

එමෙන්ම වසර 5ක බලපත්‍රය ඇ.ඩො ලක්ෂ 5කට වටිනාකම්න් යුතු නිවාස ඒකක මිලදී ගන්නා සමාගම්වල උපරිමය අධ්‍යක්ෂවරු 4 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට හිමිවේ.

මෙහිදි අදහස් දක්වන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

අධි සුඛොපභොගි මහල් නිවාස 30,000ක් පමණ මෙරට පවතින අතර ඉන් 5000ක් පමණ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ පවතින ව්‍යාපෘති වේ. මෙම සියලු ව්‍යපෘති සදහා මෙම දිර්ඝකාලීන වීසා බලපත් නිකුත් කිරීම මෙම වැඩසටහන අනුව ක්‍රියාත්මක කෙරේ.

මේ තුලින් ඕනෑම රටක විදේශිකයෙකුට මෙරට සහාධිපත්‍ය නිවස්න මිලදීගැනීමටත්, ඒ සදහා ආයෝජන කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වේ. මේ වනවිටත් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, රුසියාව සහ ඉරානය වැනි රටවල ආයෝජකයින් මෙම ක්ෂේත්‍රයේ විශාල ලෙස ආයෝජන කර ඇත. එමෙන්ම අගනුවරින් බැහැර ගාල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල හා අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවලදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති සමාගම් ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම අද දින සිදු කෙරුණු අතර මෙම වැඩසටහන ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved