පුවත්

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න Nas Daily සමග ගිවිසුමක් 

Published

on

ලොව පුරා සංචාරය කරමින් ජනප්‍රිය Vlog නිර්මාණ ගෙන එන Nas Daily සන්නාමයේ නිර්මාතෘ – Nuseir Yassin, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විශේෂ වීඩියෝ 03ක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය සමඟ එකඟතාවයකට පැමිණ ඇත. 

මෙම ගිවිසුම පිළිබඳව X පණිවිඩයක් මගින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ප්‍රකාශයට පත් කර ඇත.

යසීන් මහතා මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ ආරාධනයකට අනුවය.

සිය ෆේස්බුක් පිටුව හරහා වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා එම ගිවිසුම මහත් පිටුවහලක් වනු ඇති බවයි.

Trending

Exit mobile version