කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් එනර්ජි නැමැති සමාගමක් විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 700කින් සමන්විත සූර්යය බලශක්ති ව්‍යාපෘතිය බරපතල දූෂිත ගනුදෙනුවකට මඟ පෑදීමක් දැයි සැකයක් මතුවන බව විපක්ෂ නායක සජිත් ප්්දාස මහතා කියා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ යුනයිටඩ් සෝලාර් එනර්ජි නම් මේ සමාගම විසින් සිදුකරනු ලබන්නේ සොලා පැනල් බෙදා හැරීම බවත්, මේ සමාගම බැටරිවල විදුලිය ගබඩා කිරීමේ (Battery Storage) ව්‍යාපෘතියක් හෝ ඒවායේ බෙදාහැරීමේ ක්‍රියාවලියක් සිදු කිරීමේ කටයුතුවලට හවුල් නොවූ එකක් බවයි.
ඔහු කියා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ඇති විශාලතම සෝලා ෆාම් එකේ ධාරිතාවත් මෙගාවොට් 400ක් බවත්, මෙය ඊටත් වාඩා විශාල මෙගාවොට් 700ක එකක් බවත් අත්දැකීම් නොමැති මෙවැනි සමාගමක් එවැනි ව්‍යාපෘතියක් සිදු කරන්නේ කෙසේදැයි ප්රශ්නකරසිටී.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ ව්‍යාපෘතියට අවම වශයෙන් සිදුකර ඇති ගණනය කිරීම අනුව අක්කර 782ක් අවශ්‍ය බවත්, සූර්ය කෝෂයක ආයු කාලය අවුරුදු 25ක් වුවත් මොවුන් මේ ව්‍යාපෘතියේ ආයුකාලය වසර 35ක් ලෙස සටහන් කර ඇති බවත් එයද සැක සහිත බව ඔහු කියා සිටී.
යුනයිටඩ් සෝලාර් එනර්ජි නම් මේ සමාගමේ ප්‍රධානියා ලෙස රිචඩ් වාර්ගාස් නැමැත්තෙක් සිටින බවත්, ඔහු සෝලා පැනල් නියෝජිතයකු හා බෙදා හරින්නෙකු බවත්, ඒ සමාගමේ ගණකාධිකාරීවරයා තංගල්ලේ සුජීව නිශාන්ත බවත්, අධ්යක්ෂ මණ්ඩලයේ සිටින කෙරෝ තිලකරත්න නැමැත්තා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා හී ඉඩම් දේපල ඒජන්තයකු බවත්, එහි අධ්යක්ෂ මණ්ඩලයේ සිටින ඇලෙක්ස් චන්ද්‍රසිරි නැමැත්තා ඔස්ට්‍රේලියාවේ හෝටලයක ආහාර පාන කළමනාකරුවක් (Food and Beverage Manager) බවත්, හා ශාන් බාලසූරිය නැමැත්තා වික්ටෝරියා හි සිටින වෙබ් අඩවි නිර්මාණ කරුවෙකු බවත් මෙවැනි පුද්ගලයන්ට මේතරම් සුවිශාල ව්‍යාපෘතියක් කළ හැකි දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්නකර සිටී.
අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් වන අතර එම ව්‍යාපෘතියෙන් විදුලිය මිල දී ගැනීම සඳහා ද ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය මේවන විට හිමිව ඇති බව පැවසේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්.