Connect with us

පුවත්

මේවා කාගෙ ප්‍රොජෙක්ට් ද?; වාර්ගා, කෙරෝ, සුජී, ඇලෙක්ස් හා ශාන් කවුද? – සජිත්

Published

on

කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් එනර්ජි නැමැති සමාගමක් විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 700කින් සමන්විත සූර්යය බලශක්ති ව්‍යාපෘතිය බරපතල දූෂිත ගනුදෙනුවකට මඟ පෑදීමක් දැයි සැකයක් මතුවන බව විපක්ෂ නායක සජිත් ‌ප්‍්දාස මහතා කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ යුනයිටඩ් සෝලාර් එනර්ජි නම් මේ සමාගම විසින් සිදුකරනු ලබන්නේ සොලා පැනල් බෙදා හැරීම බවත්, මේ සමාගම බැටරිවල විදුලිය ගබඩා කිරීමේ (Battery Storage) ව්‍යාපෘතියක් හෝ ඒවායේ බෙදාහැරීමේ ක්‍රියාවලියක් සිදු කිරීමේ කටයුතුවලට හවුල් නොවූ එකක් බවයි.

ඔහු කියා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ඇති විශාලතම ‌සෝලා ෆාම් එකේ ධාරිතාවත් මෙගාවොට් 400ක් බවත්, මෙය ඊටත් වාඩා විශාල මෙගාවොට් 700ක එකක් බවත් අත්දැකීම් නොමැති මෙවැනි සමාගමක් එවැනි ව්‍යාපෘතියක් සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්නකරසිටී.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ ව්‍යාපෘතියට අවම වශයෙන් සිදුකර ඇති ගණනය කිරීම අනුව අක්කර 782ක් අවශ්‍ය බවත්, සූර්ය කෝෂයක ආයු කාලය අවුරුදු 25ක් වුවත් මොවුන් මේ ව්‍යාපෘතියේ ආයුකාලය වසර 35ක් ලෙස සටහන් කර ඇති බවත් එයද සැක සහිත බව ඔහු කියා සිටී.

යුනයිටඩ් සෝලාර් එනර්ජි නම් මේ සමාගමේ ප්‍රධානියා ලෙස රිචඩ් වාර්ගාස් නැමැත්තෙක් සිටින බවත්, ඔහු සෝලා පැනල් නියෝජිතයකු හා බෙදා හරින්නෙකු බවත්, ඒ සමාගමේ ගණකාධිකාරීවරයා තංගල්ලේ සුජීව නිශාන්ත බවත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින කෙරෝ තිලකරත්න නැමැත්තා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා හී ඉඩම් ද‌ේපල ඒජන්තයකු බවත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින ඇලෙක්ස් චන්ද්‍රසිරි නැමැත්තා ඔස්ට්‍රේලියාවේ හෝටලයක ආහාර පාන කළමනාකරුවක් (Food and Beverage Manager) බවත්, හා ශාන් බාලසූරිය නැමැත්තා වික්ටෝරියා හි සිටින වෙබ් අඩවි නිර්මාණ කරුවෙකු බවත් මෙවැනි පුද්ගලයන්ට මේතරම් සුවිශාල ව්‍යාපෘතියක් කළ හැකි දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්නකර සිටී.

අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් වන අතර එම ව්‍යාපෘතියෙන් විදුලිය මිල දී ගැනීම සඳහා ද ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය මේවන විට හිමිව ඇති බව පැවසේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved