පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

Published

on

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන වට්ස්ඇප්  අංකයට යොමු කිරීමට හැකියාව ඇත.

මහජනතාව විසින් මෙම අංකය වෙත ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වනවිටත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

Trending

Exit mobile version