පුවත්

මෝදි තෙවැනි වරටත් අගමැති ධූරයේ දිවුරයි (වීඩියෝ)

Published

on

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි එම ධුරයේ දිවුරුම්දීම අද (09) සවස් භාගයේදී ඉන්දියාවේ නවදිල්ලියේදී සිදු කළ‍ේය.

එය ආසියානු මෙන්ම ලෝක දේශපාලනයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් බව බොහෝ ද‍ේශපාලන විචාරකයන්ගේ මතය වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කලාපීය රාජ්‍ය නායකයින් පිරිසක්ද පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී විය.

අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා අදියර 7කින් ක්‍රියාත්මක වූ ඉන්දීය මහා මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වුණේ පසුගිය ජූනි හතර වැනිදාය.

මිලියන 642ක පිරිසක් ඡන්දය භාවිත කළ මෙම මැතිවරණය ජයගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත්විය.

ඒ ලෝක් සභාව එනම් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543න් 293ක් තමන් සතු කරගනිමිනි.

මෙම ජයග්‍රහණය අතිශය සුවිශේෂී වන්නේ ඉන්දීය ඉතිහාසයේ තෙවරක් අගමැති ධුරය දැරීමට ජනවරමක් දිනූ දෙවැනි අග්‍රාමාත්‍යවරයා බවට මෝදි පත්වීම හේතුවෙනි.

මීට පෙර තෙවරක් අඛණ්ඩව ඉන්දීය අගමැති ධුරය දරා ඇත්තේ, නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු පමණකි.

ඒ අනුව සිය තෙවැනි පදවි ප්‍රාප්ති දිනය අරඹමින් රාජ්ඝාත් හි පිහිටි මහත්මා ගාන්ධිතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අගමැති නරේන්ද්‍ර මෝදි අද උදෑසන කටයුතු කළේය.

අනතුරුව ඔහු භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් දෙවරක් ඉන්දීය අගමැති ධුරය දැරූ අතල් බිහාරි වජ්පායි ස්මාරකය වෙත ගොස් පුෂ්පෝහාර දැක්වීය.

ඔහු ජාතික විරු ස්මාරකය වෙත ගොස් ඊට ආචාර දැක්වූයේ ඉන් අනතුරුවය.

මෝදි අගමැති ධුරයේ තුන්වැනි වරටත් දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවර අද පැවැත්වෙන්නේ කලාපීය රටවල් රැසක රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් නවදහසකගේ සහභාගිත්වයෙනි.

එහි සජීවී විකාශය පහතින්,

Trending

Exit mobile version