පුවත්

යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන්

Published

on

යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින් අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වගා හානි පරික්ෂාව මේ වන විට අවසන් කර ඇති බවය.

ගංවතුරෙන් සිදු වූ වගා හානි පරීක්ෂාව සිදු කෙරෙන්නේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙනි.

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කලේය.

අවසන් වාර්තා සකස් කළ පසු, කඩිනමින් වන්දි ගෙවීම ආරම්භ කිරීමට නියමිතය.

Trending

Exit mobile version