Connect with us

පුවත්

යාපනයේ යුවල මරා දමා ඇත්තේ කිලිටි රෙදි ටෙන්ඩරයක් ගන්න

Published

on

යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාගෙන් පොලීසියට ලද තොරතුරුවලට අනුව තවත් පුද්ගලයෙකු මෙම ඝාතනයන් දෙකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ මරණ දෙකම සිදු කළ ප්‍රධාන සැකකරු දැනට අත් අඩංගුවට පත්ව සිටින දෙදෙනා අතර සිටින බවද පැවසේ.

මරා දමන ලද අඹුසැමි යුවල පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබා ගෙන වසර ගණනාවක සිට එම කටයුත්ත කරගෙන යන අතර ඝාතකයා විසින් එම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩරය ඉවත් වෙන නිසා ලබන වසරේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ඔහුවෙත ලබා ගැනීමේ යටි අරමුණෙන් මේ දෙදෙනා ඝාතනය කළ බවට ප්‍රධාන සැකකරු පොලීසියට පාපොච්චාරණය කොට ඇත. 

ඔහුට හිතවත් අනෙක් දෙදෙනා එම ඝාතනයන් දෙක සිදු කිරීම පිණිස අත් උදව් ලබා දී තිබේ. 

මෙම ප්‍රධාන ඝාතකයාට එරෙහිව මීට පෙර මිනී මැරුම් චෝදනාවක් හා මවට පහර දී මරා දැමීමට සූදානම් වූ බවට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ නඩු දෙකක්ද ඇති අයෙක් බවද පැවසේ. 

යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් නැමති අය හා ඔහුගේ බිරිද වන 51 හැවිරිදි මේරී රීටා නැමති දෙදෙනාව ඝාතනය කොට තිබුණේ ඔවුන් දෙදෙනා නිවසේ නිදා සිටියදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කීපයකින් ඔවුන් දෙදෙනාගේ ඔලුවලට පහර දීමෙනි. 

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved