Connect with us

පුවත්

යාල වනෝද්‍යානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්

Published

on

යාල වනෝද්‍යානයේ අනිසි ⁣ලෙස හැසිරුණ පිරිසක් පාලන කිරීමට කටයුතු නොකළ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.

සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, සංචාරකයන් අතින් වන සතුන්ට පීඩාකාරී හැසිරීමක් වෙි නම් වන නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබුනත් මෙම සිද්ධියේ දී ඔවුන් එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බව ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ, වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම සංචාරක පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බැවින් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මීට පෙර අදාළ පිරිස සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබිණි.

වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට ගොස් අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින් කවර තරාතිරමක අය වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙස ද වන ජීවී අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබේ.

සබැඳි පුවත්
යාලේ දී සතුන්ට වධ දුන් කල්ලියකට නඩු

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved