මේ දිනවල චීනයේ පැවැත්වෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ කුසලතා පුහුණු වැඩමුළුවකට ශ්‍රී ලාංකික කෘෂිකාර්මික සහ පශු සම්පත් විශේෂඥයින් සහ උපදේශකයින් 20 දෙනෙකු එක්ව සිටියි.
චීනයේ යුනාන් පළාතේ හොංහ’ (Honghe) විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩමුළුව සැප්තැම්බර් 20 – 28 දක්වා පැවැත්වේ.
මෙම වැඩසටහන, මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා යුනාන් පළාතේ සිදුකළ සංචාරයේ දිගුවක් ලෙස බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.