පුවත්

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරට

Published

on

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මෙම හමුවේ දී ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

එහිදී ආණ්ඩුකාරවරිය යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියළු කටයුතු සුදානම් කර ඇති බවය.

Trending

Exit mobile version