Connect with us

පුවත්

රංගේ ගේ පුටුව තලතාට? අකිලට ?

Published

on

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ලිපියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (30) අත්සන් කිරීමට නියමිත බවද පැවසේ.

පක්ෂයේ කළමනාකරණ කමිටුව පෙරේදා (29) රැස් වූ අවස්ථාවේදී පාලිත රංගේ බණ්ඩාර තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. 

තවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණය සඳහා ඔහු සක්‍රිය දායකත්වයක් නොදීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරු පක්ෂ නායකත්වයට පැමිණිලි කිරීම නිසා මේ තීන්දුව ගෙන ඇතැයි පැවසේ.

එම පැමිණිලි සම්බන්ධයෙන් පක්ෂයේ නීතිඥ මණ්ඩලය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ නායකත්වය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මේ අතර, හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ද එජාප මහ ලේකම් ධූරයට යෝජනා වී ඇති බව පැවසේ.

සබැඳි පුවත්
රංගේ බණ්ඩාර එජාප මහ ලේකම් ධුරයෙන් ඉවතට !

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved