පුවත්

රංචු පිටින් ඡන්ද පොළට එන්න එපා

Published

on

ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ  දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ, ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සාමකාමීව පිටව යන ලෙසය.

ඡන්ද පොළවල් ආශ්‍රිතව රැඳී සිටිමින් විවිධ ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

සියලු ඡන්ද පොළකම  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ට ආසන්න පිරිසක් යොදවා තිබේ.

මීට අමතරව දිවයින පුරා  පොලිස් ජංගම මුර සංචාරද අද (06) සහ හෙට  පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර සමස්ත මැතිවරණය නිරීක්ෂණයට 3,000ක පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

Trending

Exit mobile version