පුවත්

රජයේ ඉෆ්තාර් සැමරුම් ප්‍රතිපාදන ගාසා ළමා අරමුදලට

Published

on

ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. 

මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී ඇත.  

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රාමසාන් මාසය තුළ “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදුපත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.

Trending

Exit mobile version