පුවත්

රජයේ මුද්‍රණාලයාධිපතිගෙන් නිවේදනයක්

Published

on

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය පවසා තිබේ.

මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ ඊයේ (26) පෙරවරුවේ සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවය.

තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇතැයි ඇය පැවසුවේය.

ගංගා කල්පනි ලියනගේ මහත්මිය පැවසුවේ, ඊට අදාල ගැසට් නිවේදනයද අද හෝ හෙට නිකුත් කරන බවය.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිත අතර ලබන මස 15 වනදා නාමයෝජනා භාර ගැනීමට නියමිතය.

Trending

Exit mobile version