තීරු බදු ගැටලුව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයන් හා ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡා සුබවාදීව අවසන් වි ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා පැනවූ නව තීරු බදු සමස්ත ලෝකයම යම් කැළඹීමකට පත් වූ අතර ඇතැම් රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අතර තවත් රටවල් ඇමෙරිකාවට එරෙහිව ද නව තීරු බදු පැනවීමටයි කටයුතු කර තිබුණි.
මෙය ශ්‍රී ලංකාවට ද බලපෑමක් එල්ල කළ අතර ශ්‍රී ලංකා රජය විසින් දැඩි අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරන ලදී.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුවම ඇමෙරිකා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවකට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව තිබේ.
මෙම සාකච්ඡාව සදහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඊයේ දිනයේ දී එම සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ වන විටත් දින 90ක සහන කාලයක් නව තීරු බදු ක්‍රියාත්මක කිරීම සදහා ලබාදී තිබේ.
එම කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාවට යම් සුබවාදී තීරණයක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරයි.