පුවත්

රජරට ලංගම සේවකයෝ වර්ජනයක

Published

on

පහරදීමක් මුල්කර ගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් රථ සේවකයින්, අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ යන ඩිපෝවලට අයත් ලංගම බස් රථයි.

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ වෘත්තීය සමිති නායකයෙකු වන ඩිපෝ පරීක්ෂකවරයකු, පෞද්ගලික බස් රථයකින් රැගෙන ගොස් පහර දීමේ සිද්ධියක් හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

වර්ජනයට සහය පළ කර අද උදෑසන දඹුල්ල බස් ඩිපෝවේ සෑම බස් රථයක් ම ගාල් කර ප්‍රධාන ගේට්ටු වසා දමා ගේට්ටු ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් සේවකයෝ පිටත බංකු මත වාඩි වී සිට ඇති බව වාර්තා වේ.

තවද මහියංගනය ප්‍රදේශයේ රාජ්‍ය සේවකයින් රැගෙන යන ලංගම බස් රථ නොමැතිවීම හේතුවෙන් ඔවුන් අසීරුතාවයකට පත්ව සිටි අතර බොහෝ මගී ජනතාව පෙන්වාදෙන්නේ පහරදීම් සිද්ධියක් මුල් කරගෙන සමස්ථ ජනතාවට මෙයාකාරයෙන් දඬුවම් ලබාදීම සාධාරණ නොමැති බවය.

මෙම වර්ජනය හේතුවෙන් උදෑසන රාජකාරී කටයුතු සඳහා මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට පැමිණ සිටි මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව ඇති බවද ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරයි.

Trending

Exit mobile version