රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ නලිනි ශ්‍රීහරන් සහ තවත් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඉහත තීන්දුව ලබාදී තිබුණේ මෙම නඩුවේ වරදකරුවන් වූ එස්. නාලනී සහ ආර්.පී. රවිචන්ද්‍රන් කලින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීම් අනතුරුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් වරදකරුවෙකු ලෙස නියම කර තිබූ ඒ.ජී.පෙරාරිවාලන් ව පසුගිය මැයි මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කිරීමෙන් අනතුරුව මොවුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මොවුන් සත්දෙනාම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි අතර ඔවුන් වසර 30කට වැඩි කාලයක් සිරගතව සිට ඇත.
අද දින සිය නියෝගය ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මෙම කාලය තුළ සිරකරුවන්ගේ හැසිරීම “සතුටුදායක” බවයි.