පුවත්

රටින් පිටවෙන්න ගිය ඩෑන් ප්‍රියසාද් හරවා යවයි

Published

on

විදෙස් ගත වීම සඳහා පැමිණි ඩෑන් ප්‍රියසාද් ගෙවත් ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නමැත්තා කටුනායට ගුවන් තොටුපොළෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.

ඩෑන් ප්‍රියසාද්, ඊයේ (20) රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

කෙසේවෙතත්,  විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝගයක් අනුව ඔහු රටින් පිටවීම වළක්වාලීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්ය.

2022 මැයි 09 වනදා ගාලුමුවදොර සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබේ.

Trending

Exit mobile version