පුවත්

රටින් හාල් ගෙනඒම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

Published

on

ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය.

පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන අවසර ලබන 10 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.

ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ආනයනික සහල් මෙට්‍රික්ටොන් 67,000ක් පසුගිය 20 වැනි දා වනවිට දිවයිනට ලැබුණු බව රේගුව මීට පෙර සඳහන් කර තිබිණි.

ඉන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික්ටොන් 38500ක් නාඩු සහල් වේ.

එම සහල්වලින් රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ය.

Trending

Exit mobile version