Connect with us

පුවත්

“රට වෙනුවෙන් වගකීමක් කාන්තාවන්ටත් තිබෙනවා”

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ “ජාතික ජන බලවේගයේ කාන්තාවෝ” මැයෙන් මාධ්‍ය හමුවක් අද (04) පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවට ජාතික විධායක සභික  ආචාර්ය  හරිනි අමරසුරිය, ජාතික විධායක  සභික සමන්මලී ගුණසිංහ හා ජාතික විධායක  සභික ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්මීන් එක්ව සිටි අතර එහිදී ඔවුන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.

“රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් ලෙස අපට තිබෙනවා”
– ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ –

අපි ඔබ හමුවෙන මොහොතේ ලංකාවේ විශාල ජනතාවක් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත්වී සිටිනවා. 84,750ක් පීඩාවට පත්වී 17දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. ඒ සියලු ආකාරයෙන් විපතට පත් ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර, මේ ජනතාවට සහන සැලසීම සඳහා ඉක්මනින් මැදිහත් වෙන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. රතු තරුව සහන සේවා බලකාය එක මිටට එකතු වී හැකි උපරිම උදවු උපකාර ලබාදෙමින් සිටිනවා. ඒ අතර ජනාධිපතිවරයා නව පාලම් 250ක් ඉදිකරන්න ලහි ලහියේ සූදානම් වෙනවා. ඔවුන්ගේ ව්‍යාපෘති තුළ ජන ජීවිත සමග එකට බද්ධ වුණු සංවර්ධනයක් ගැන අදහසක් නැහැ. ඒ වගේම පරිසරයට අවම හානි සිදුවන ලෙස ක්‍රියාකිරීමේ සැලසුම් ඔවුන්ට නැහැ. ඔහු කියන පාලම් 250 ඉදිකිරීමේදී ජන ජීවිතයට සහ පරිසරයට හානි නොකරන ලෙස සිදුකළ යුතු බව අවධාරණය කරනවා. කොළඹ පවා ප්‍රදේශ ගණනාවක් ගංවතුරෙන් යටවී තිබෙන්නේ, ජන ජීවිත ගැන නොසලකා සහ සොබාදහමට හානි කරමින් ගෙනයන ව්‍යාපෘති නිසයි. අවුරුදු 30-40ක් ජීවත් වුණු නිවාස රැයක් එළිවෙන විට ගංවතුරෙන් යටවී, පවුල් පිටින් මියයාමේ ඛේදවාචකය නිර්මාණය වී තිබෙන්නේ නිසි පරිදි පරිසර ශක්‍යතා අධ්‍යයන සිදු නොකළ නිසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ඇතුළු පනත් කිහිපයක් පිළිබඳව අපගේ මූලික කරුණු දැක්වීම් කිහිපයක් සිදුකරනවා. පෞද්ගලිකව ඉදිරිපත් කළ පනත් සහ ආණ්ඩුව ඉදිරිපත් කළ පනත් මේ අතර පවතිනවා. ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවීම, කාන්තා අයිතිවාසිකම් සහ තීරණ ගන්නා ප්‍රධාන මණ්ඩලවල අවම වශයෙන් කාන්තා නියෝජනය 30%ක් වත් සිටිය යුතුයි කියන යෝජනා ඉතාමත් හොඳ ඒවා. ඒ වගේම මේ පනත් නීතියකට එහා ගොස් ක්‍රියාත්මක තලයේදී නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ‘ගැහැනු අපි එක මිටට’ කියන සංකල්පය යටතේ ජාතික ජන බලවේගය ක්‍රියාත්මක තලයේදී කාන්තාවන්ගේ පෞරුෂය, දේශපාලනය සහ නායකත්වය ගොඩනඟමින් ඉදිරියට යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් පනත්වලින් නීති බවට පත්කිරීමේන් මේ තත්වය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සියලු නීති රීති සාර්ථක කර ගත හැක්කේ ගැහැනියට නිදහසේ තමන්ගේ සංස්කෘතික ජීවිතය ගතකර ගත හැකි රටක් ගොඩනැගීමෙන් පමණයි. ඒ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් හැටියට අපට තිබෙනවා. ඒ වගේම විවිධ ක්‍රමයොදා මැතිවරණ කල්දැමීමට උත්සාහ කළහොත් ගැහැනුගේ ශක්තිය පෙන්වන්නට සිදුවෙන බවත් අභියෝගාත්මකව ප්‍රකාශ කරනවා.

“කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ “
– ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිසර විශ්වවිද්‍යාලයක් ගැන කතා කළත්, මේ වන විට කවරුත් පීඩාවට පත්වී සිටින්නේ ඔහු ප්‍රමුඛ පිරිස පරිසරය නොසලකා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නිසයි. දේශපාලන බලය පාවිච්චි කරමින් ඔහුගේ ආණ්ඩුව සහ ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් සිදුකරන පරිසර හානි වහාම නැවැත්විය යුතු බවත් අවධාරණය කරනවා.

අපි මූලිකව කරුණු දක්වන්නේ අද (04) ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන කාන්තාව සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙනුයි. කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිසමක් පත් කිරීමට ඒ පනත තුළින් යෝජනා කරනවා. මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීතුමිය පුද්ගලික මන්ත්‍රී පනත් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය සහ පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන සංශෝධන අප අතට පත්වුණේ තුන්වැනිදා. ආණ්ඩුවේ ඒ පනතින් යෝජනා කර තිබෙන කාන්තා කොමිසමට අමතරව වින්දිත කාන්තාවන් හට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්න යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැහැ. අදාළ ඔම්බුඩ්ස්මන් වගකියන්නේ කාහටද යන්න පැහැදිලි මදි. ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිළිබඳව පැහැදිලි මදි. ඊට අදාළ සංශෝධන අපි යෝජනා කර තිබුණත් අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුකරන්න කාලය ප්‍රමාණවත් නැහැ.

මෙවැනි පනත් ප්‍රයෝජනවත් ආකාරයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම්, නිශ්චිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමේ පසුබිම විහිළු සහගත තත්වයකුත් පවතිනවා. මෙවැනි පනත් කිහිපයක් ගෙනැවිත් තිබෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපා හැරි ආණ්ඩුවක්. අදාළ පනත් ක්‍රියාත්මක කිරීමට මානව සම්පත් සහ වෙනත් යටිතල පහසුකම් සපයා ගැනීමට ප්‍රතිපාදන සපයා ගන්නේ කොහොමද? කොමිසම ක්‍රියාත්මක කරන්න මුදල් සපයා ගන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ යටතේ පනත් කෙටුම්පත් ඔහේ ගෙනැවිත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් ප්‍රමාණවත් තරම් කාලයක් ලබාදෙන්නේ නැහැ. පනත් සහ කඩදාසිවලට සීමාවුණු ප්‍රතිපත්තිවලින් මේ රටේ ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ. මහපොළොවේ ක්‍රියාත්මක වෙන්න නම්, ආණ්ඩුව මීට වඩා යථාර්ථවාදීව ක්‍රියා කළ යුතු බව අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි, අවුරුදු ගණනාවක් පුරා බිම්මට්ටමේ සිට කාන්තාවන් සවිබල ගන්වමින් නායකත්වය ගොඩනඟන්න විශාල වැඩසටහන් කරගෙන යනවා. පක්ෂය තුළ එය ප්‍රතිපත්තිමය ලෙස බාරගෙන තිබෙන නිසා, යථාර්ථයක් කළ හැකිව තිබෙනවා. පනත්වලින් විතරක් නොවෙයි මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැරෑරුම් ලෙස බාරගන්නා ලෙස සියලුම පක්ෂවලින් අපි ඉල්ලා සිටිනවා. ගැහැනුන්ව පිළිගන්නා, ගෞරව කරන සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බව අපි අවධාරණය කරනවා.

“අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම වෙනස් කළත් ආබාධ සහිත අයගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ “
– ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න –

ඉදිරිපත් කරන මේ පනත් මූලධාර්මිකව අවශ්‍ය බව අපි අවධාරණය කරනවා. නමුත් මේ පනත් නිර්මාණය වී තිබෙන්නේ නිසි සංවාදයකින් සහ ක්ෂේත්‍රයේ අවබෝධයක් තිබෙන අයගේ අදහස් යෝජනා ලබාගෙන නොවෙන බව පේනවා.  මානව හිමිකම් කොමිෂන් සභාව විසින් රජයට ඉදිරිපත් කර තිබුණු නිර්දේශයක් අනුව සියලු පනත් එකතු කර ශක්තිමත් ලෙස සිදුකළ යුතු බව පෙන්වා දී තිබුණා. නමුත් ආණ්ඩුව එය සැලකිල්ලට ගෙන නැහැ. ජාතික ජන බලවේගය ලෙස අපි වසර ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කරමින් විවිධ පාර්ශ්වවල අදහස් ලබාගෙන ශක්තිමත්, පිරිපුන් නීතියක් ගෙනඒම සඳහා කටයුතු කරමින් ඉන්නවා. නීති ගෙනඒමේදී නිසි උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට එකතු කිරීම් කළ යුතු බව පෙන්වා දුන්නා. මේ ගෙනැවිත් තිබෙන පනත්වල අරමුණ හොඳ වෙන්න පුළුවන්. නමුත් ලංකාව මේ වන විටත් කාන්තාවන්ට එරෙහිව සියලු වෙනස්කම් පිටුදැකිීමේ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර තිබෙනවා. නමුත් ඒ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අදාළව නීති රීති සම්මත කරගෙන නැහැ. උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16වැනි ව්‍යවස්ථාව අනුව කාන්තාවන්ට අසාධාරණ ලෙස සලකන පෞද්ගලික නීති අභිබවා යාමේ හැකියාවක් ලැබී නැහැ.

ගෙන එන පනත් ක්‍රියාත්මක වෙන්න නම්, රටේ මූලික නීතියට අනුකූල වෙන්න ඕනෑ. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12වැනි වගන්තියෙන් තහවුරු කර තිබෙන සමානාත්මතාවය පිළිබඳ නීති ක්‍රියාත්මක වීම දුර්වලයි. අසමානතාවය දුරු කිරීමේ වගන්ති අලුතින් ඇතුළත් කර නැහැ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු වෙනත් අනන්‍යතා සහිත පිරිසගේ අයිතීන්  ආරක්ෂා කිරීම ප්‍රායෝගිකව මේ වැනි පනත්වලින් කළ නොහැකියි. ආබාධ සහිත වූවන් වෙත හැඳුනුම්පතක් ලබාදීම, ප්‍රවේශයන් ලබාදීම, වැනි ඉල්ලීම් වසර ගණනාවක් පුරා සිදුකරමින් තිබෙනවා. නමුත් ඒ ඉල්ලීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන පසුබිමක් සකස් කර නැහැ. අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම් වෙනස් කළත් ආබාධ සහිත වුවන්ගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර තිබෙන 22වැනි සංශෝධනය මගින් කර තිබෙන යෝජනා සහ මැතිවරණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්වයත් මම පැහැදිලි කළ මේ පසුබිමට වඩා වෙනස් නැහැ. ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනා වෙත අපි ඉතා අගය කරනවා. මැතිවරණ කාලයක් පැමිණීමට නියමිත නිසා, මේ පනත් කෙටුම්පත් දෙක ඉක්මනින් සම්මත කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයට මේ පනත් දෙක සම්බන්ධයෙන් බය නැතිව අත ඉස්සිය හැකියි.

අපි මුලසිටම යෝජනා කර තිබෙන්නේ සමස්ත පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් 50%ක් වත් කාන්තාවන්ට ලැබෙන ලෙස ක්‍රමිකව වැඩිකළ යුතු බවයි. අපි යන ඒ ඉලක්කය සම්බන්ධයෙන් මේ පනත් දෙක මගින් දේශපාලනය සම්බන්ධව සවිඥානික කාන්තාවන්ට විශාල පිටුබලයක් දෙනවා. නමුත් මේ පනත් අභියෝගයක් වන්නේ කාන්තාවන් හිටියත් ඔවුන්ගේ මතය නොඉවසන දේශපාලන පක්ෂවලටයි. ලංකාවේ නීති සම්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ අවස්ථානුකූලවයි. නමුත් ඊට වඩා විධිමත් සමස්තය ආවරණය කෙරෙන නීති සම්පාදනය කිරීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් අවශ්‍යයි. පනත් ගණනාවක් ගෙනත් සම්මත කර ගන්නා බව පෙන්නුවත් සමාජ සුරක්ෂතතාවය තහවුරු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට වැටුප් නොලබන සුරැකුම් කටයුතුවල යෙදී සිටින කාන්තාවන් සම්බන්ධයෙන් අගය කිරීමක් සිදුවන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හෝ එවැනි සංවිධානවලට පෙන්වීමේ අරමුණෙන් පමණක් මෙවැනි පනත්  සම්මත කර ගැනීමෙන් වළකින ලෙස, හුදු ලියැවිලි ලෙස සම්මත නොකළ යුතු බව අපි අවධාරණය කරනවා.

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved