රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය පසුගිය බදාදා (10) දින අභිමංසල – 3 සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් වෙත අවුරුදු සුබ පැතුම් එක්කරමින් ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී.
මෙහිදී, භටපිරිස් ආමන්ත්‍රණය කල යුද්ධ හමුදාධිපතිතුමන්, ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත නව බලාපොරොත්තු ඇතිවන සාමය, සතුට, සෞභාග්‍යය සහ සෞඛ්‍ය සම්පන්න නව වසරකට සුබපැතුම් එක්කළේය. එමෙන්ම එම වීරෝදාර රණවිරුවන් ජාතිය වෙනුවෙන් සිදුකළ අපරිමිත මෙහෙවර ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කළේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී.නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.